එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.
අද (27) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පිරිස් මහතා මේ බව සඳහන් කළේය.