මහ කන්නයට අවශ්‍ය පොහොර නිසි කලට දෙනවා – බැසිල් රාජපක්ෂ

Share this Article

මහ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට බෙදා දීමට කටයුතු කරන්නැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ ස‍භාපති බැසිල් රාජපක්ෂ මහතා අදාළ අංශ වලට උපදෙස් ලබා දී තිබේ. අරලියගහ මන්දිරයේදී ඊයේ (09) පැවැති ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් පොහොර ආනයනය හා බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ පව පවසා තිබේ.

ඒ මහතා පෙන්වා දී ඇත්තේ ගොවීන් වෙත නිසි කාලයේ දී ජලය සහ පොහොර සැපයීම මඟින් කෙටිකලක් තුළ නිෂ්පාදන ධාරිතාව වැඩිකරගත හැකි බවයි.

මහ කන්නය සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ 214න් මේ වනවිට මෙට්‍රික් ටොන් 51,797ක් ගොවීන් අතර බෙදාදීමට කටයුතු කර ඇති බවත්, ඉතිරි ප්‍රමාණය ක්‍රමානුකූලව බෙදාහැරීම සඳහා තොග ලැබෙමින් පවතින බවද මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.


Share this Article

Leave a Reply

Your email address will not be published.