කොවිඩ් පහසුවෙන් මර්දනය කළ හැකියි, එයට ජනතා සහය අවශ්‍යයි – ජනපති කියයි

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කිරීමේ හැකියාව පැවතියත් ඊට ජනතා සහාය අත්‍යාවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය ඊයේ (09) රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදි ජනාධිපතිවරයා පවසා සිටියේ කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටලුවක් වන නමුත් ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාවේ සහ රජයේ වගකීමක් බවයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එම කාර්යය කළහැකි බව තමන් දැඩි ලෙස විශ්වාස කරන බවද ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගතහැකි විකල්ප 03ක් තිබෙන බවයි. ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, කිසිවක් නොකර සිටීම සහ රෝගය පාලනය කරන අතර රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම යන විකල්ප 03 පිළිඹදව අවධානය යොමු කිරීමේදී අප තෝරාගත යුත්තේ මෙහි තුන්වැනි විකල්පය බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *