මහා ශිවරාත්‍රී දිනයේ දල්වන පහන් ආලෝකයෙන් සියළු දනන්ගේ අධ්‍යාත්මය ආලෝකමත් වේවා – ජනපති

Share this Article

ලෝක වාසී හින්දු ආගමික ජනතව මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි. ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද වැනි දිනක සිදුවු බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. ශ්‍රී ලාංකික මෙන් ම ලොව වෙසෙන හින්දු බැතිමතුන් අද (21) රාත්‍රීයේ සිට හෙට (22) උදෑසන දක්වා ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රී දිනය සමරයි.

මහා ශිවරාත්‍රී දිනය සමරන ජනතාව වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ “මෝහාන්ධකාරය පරදා ප්‍රඥාව ජයගැනීම” සලකුණු කරන මහා ශිවරාත්‍රී දිනයට පේවී සිටින ශ්‍රී ලාංකික හින්දු භක්තිකයින් සමග තමාද එකතු වන බවයි. මේ එතුමා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ පණිවිඩයයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.