සිය දරු දෙදෙනා සමඟ ළිඳට පැන සියදිවි නසා ගැනීමට කාන්තාවක් කටයුතු කර තිබේ.
එහිදි කාන්තාව බේරි දරු දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව වව්නියාව රෝහල් ආරංචි මාර්ග පවසයි.
වව්නියාව නෙඩුන්කේනි පඩ්ඩිකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි මවක් එලෙස දරු දෙදෙනා ළිඳට දමා සියදිවි නසා ගැනීමට කටයුතු කොට ඇති බව වාර්තා වෙයි.
අදාළ සිදුවීමෙන් වයස අවුරුදු හතරක හා දෙකහාමාරක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අසල්වාසීන් මව බේරා ගෙන ඇති බවද ප්‍රදේශවාසීන් පැවසීය.
කන්දයියා උර්වසි නමැති කාන්තාව මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සහ දරා ඇති අතර, මිය ගොස් ඇත්තේ වයස අවුරුදු හතරක් වු උදයකුමාර් සන්දු දැරිය හා උදයකුමාර් පවින්ද්‍රන් නැමති වයස අවුරුදු දෙක හාමාරක් වු පිරිමි දරුවෙකි.
මියගිය දරුවන්ගේ සිරුරු වව්නියාව රෝහලට රැගෙනවිත් ඇති අතර, අදාළ කාන්තාව වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් නෙඩුන්කේනි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ada derana