Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ISIS නව නායකයා සදාම් හුසේන්ගේ හමුදාවේ සිටි “මහාචාර්යවරයා”

ISIS නව නායකයා සදාම් හුසේන්ගේ හමුදාවේ සිටි “මහාචාර්යවරයා”

ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ හමුදාවේ හිටපු නිලධාරියකු අයි.එස්.අයි.එස්. සංවිධානයේ නව නායකයා ලෙස පත්වී ඇතැයිද වාර්තාවේ.

‘ද ප්‍රොෆෙසර් (මහාචාර්යවරයා)’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඔහුගේ නම අබ්දුල්ලා කර්දාෂ් බවත් ‘ද ඩිස්ට්‍රෝයර් (විනාශකරු)’ යන නමෙන්ද හැඳින්වෙන බවත් පැවසේ.

ඔහුගේ දැඩි ප්‍රතිපත්ති දළදඬු පාලනය හේතුවෙන් එම නම් පටබැඳී ඇති බවත් වාර්තා වේ. ඔහු සැරපරුෂ සහ කූර පුද්ගලයකු වුවත් අයි.එස්.අයි.එස්. සංවිධානය තුළ ජනප්‍රිය පුද්ගලයකු බව පැවසේ.

අබ්දුල්ලා කර්දාෂ් සදාම් හුසේන්ගේ හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කර ඇති බව පැවසෙන අතර හෙතෙම අබු බකර් අල් බග්දාදි සිරගතව සිටියදී ඔහු සමඟ සිටි බව ද කියැවේ.

ඔහු අයි.එස්. සංවිධානයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයා බවත් අයි.එස්. නායක අබු බකර් අල් බග්දාදිගේ සමීපතමයකු බවත් ලැබෙන ආරංචිමාර්ගවලින් කියැවිණි.

අයි.එස්. සංවිධානයයේ පුවත් ආයතනය වන ‘අමාක්’ නිකුත් කළ නිවේදනයකට අනුව අල් බැග්ඩෑඩි පසුගිය අගෝස්තු මාසයේදී අයි.එස්. සංවිධානයේ දෛනික කටයුතු මෙහෙයවීමේ වගකීම ද කර්දාෂ්ට බාර දී තිබී ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *