මත් මුද්දර සහ මත්කුඩු භාවිත කරමින් සාදයක් පැවැත්වූ 9ක් අත්අඩංගුවට

ඊයේ (26) පස්වරුවේ ගාල්ල තෙලිකඩ දීපගොඩවත්ත ප්‍රදේශයේ මත් මුද්දර සහ මත්කුඩු භාවිත කරමින් සාදයක් පවත්වමින් සිටි සැකකරුවන් නව දෙනෙකු තෙලිකඩ පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

එම වැටලීමේදී රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක් පමණ වටිනාකමකින් යුත් මත් පෙති විස්සක්, රුපියල් එක්ලක්ෂ හැටදහසක පමණ වටිනාකමකින් යුත් මත් මුද්දර හතලිහක් සහ රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුත් මත්කුඩු පොලිස් භාරයට ගෙන ඇති අතර අදාළ සැකකරුවන් බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (27) ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සැකකරුවන් වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන මහනුවර සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *