කුවේටයේ පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය ඔක්තෝම්බර් මස 11 වෙනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇත. ඒ කුවේට්හි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ කාන්තාවන් හතළිස් හතර දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන්.
ඇති වී තිබෙන තත්වය මත හදිසි සේවා කටයුතු සඳහා සම්බන්ධ වීමට විද්යුත් ලිපිනයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මෙම කාල සීමාව තුළ හදිසි සේවාවන් සඳහා slemb.kuwait@mfa.gov.lk විද්යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැකි බව තානාපති කාර්යාලය සදහන් කර සිටී.


