කොවිඩ්

මත්තලින් මෙරටට පැමිණ මාතර පොල්හේනේ නවාතැන් ගත් රුසියානු ජාතිකයෙකුට කොරෝනා

ඉකුත් අගෝස්තු මස 13 වැනිදා සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මෙම පුද්ගලයා සමග රුසියානු ජාතිකයින් 15 දෙනෙකු පැමිණ ඇති අතර මෙම පුද්ගලයාට හැර සෙසු පුද්ගලයින් 14 දෙනා හට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇත.

ඔවුන් අද (24) දිනයේදී මෙරටින් පිටත්ව යාමට නියමිතව සිට ඇති අතර ඊට පෙර මාතර නගරයේ පුද්ගලික රෝහලකින් PCR පරීක්ෂණය සිදු කර ගෙන තිබේ.

කෙසේ වුවත් මෙම රුසියානු ජාතිකයින් කණ්ඩායමේ සිව් දෙනෙකු මාතර සුපිරි වෙලද සැලකට ද ඊයේ ත්‍රීරෝද රථයකින් පැමිණ තිබෙන බවටත් තොරතුරු වාර්තා වේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රුසියානු ජාතිකයා හම්බන්තොට රෝහල වෙත යොමු කොට ඇති බවත් ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ කාර්ය මණ්ඩලයේ 23 දෙනා සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හබරාදුව ප්‍රදේශයේ පිහිටි නීරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ. මෙම රුසියානු ජාතිකයින් නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ ඇතැම් සේවකයින් නිවෙස් වෙත ගොස් සිට ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද තොරතුරු රැස් කරමින් සිටින බවටයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *