හෙරොයින් මත් කුඩු පැකට් කරම්න් සිටි මවක්, දියණියක් ඇතුළු පුද්ගලයින් 6 දෙනකු රුපියල් ලක්ෂ 60 කට අධික හෙරොයින් මත්කුඩු සමඟ පිළියන්දල දැල්තර ප්රදේශයේදි අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කියයි.
මීට මාස හතරකට පෙරද මෙම මව සහ දියණිය මෙම නිවස මාසිකව රුපියල් 2,500 ක මාසික කුලී පදනම මත ලබාගෙන මෙම මත්කුඩු පැකටි කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව පොලිසිය කියයි. සැකකරුවෝ අද (23) අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.