දකුණු අධිවේගයේ නව අදියරට ලංගමින් සුඛෝපභෝගී බස් 10ක්, හම්බන්තොට – කොළඹට රු.880යි

මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයට මගී ප්‍රවාහණය සඳහා ලංගම සුඛෝපභෝගී බස් රථ 10ක් එක්කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව කොළඹ, ගුවන් තොටුපොළ (කටුනායක) හා කඩවත දක්වා මෙම බස් රථ ධාවනය කිරීමට නියමිතය. මෙම සුඛෝපභෝගි බස් රථ 10 අම්බලන්තොට, තංගල්ල හා හම්බන්තොට ප්‍රවේශ වලින් ඉහත ස්ථාන දක්වා ධාවනය කිරීමට නියමිතය.

මෙහි පළමු අදියර යටතේ ඉහත සඳහන් කළ ස්ථානවල සිට සුඛෝපභෝගී බස් රථ 03ක් මගී ප්‍රවාහණය සඳහා යෙදවීමට නියමිතය.

එමෙන්ම හම්බන්තොට සිට කොළඹ කොටුව අධිවේගී මාර්ගයේ බස් රථ සේවාව හෙට දින (24) සිට ආරම්භ වීමට නියමිතයි. වාර්තා වන අන්දමට එහි ගාස්තු පහත පරිදි වේ.

  • හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා බස් රථ ගාස්තුව රුපියල් 880කි.
  • තංගල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගාස්තුව රුපියල් 680කි.
  • හම්බන්තොට සිට මාකුඹුර දක්වා ගාස්තුව රුපියල් 810කි.
  • තංගල්ලේ සිට මාකුඹුර දක්වා ගාස්තුව රුපියල් 610කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *