මගේ කාලයෙන් වැඩි කොටසක් වැය කිරිමට සිදුව ඇත්තේ උද්ඝෝෂණ ප්‍රශ්න විසඳීමටයි – ජනපති

ජාතික ප්‍රතිපත්තිවලට හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කෙරෙහි අවධානය යොමු කිරිමට තමාට තිබෙන කාල වේලාව අද බොහෝ විට වැය කිරිමට සිදුව ඇත්තේ උද්ඝෝෂණවල ප්‍රශ්න විසඳීමට බවත්, එබැවින් එම උද්ඝෝෂණවල ප්‍රශ්න ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරු බාරගෙන කටයුතු කළ යුතු යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඊයේ (28) පැවති උත්සවයකදී පැවසීය.

රජයේ මුල්‍ය පාලන නිතිරිති හා රෙගුලාසිවලට අනුගතව 2018 වසරේ ඉහළ මට්ටමේ කාර්ය සාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වූ රාජ්‍ය ආයතන 109 කට සම්මාන පිරිනැමීම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ කමිටු ශාලා 1 හි පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙසේ කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *