මංතීරු නීතියට තවත් ක්‍රමවේදයක් එකතු කෙරේ, අත්හදා බැලීම අද සිට

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද (23) දිනයේ සිට අත්හදා බැලීම සිදු කරන අතර, ඒ අනුව බස් ප‍්‍රමුඛතා මංතීරුවේ අද සිට ධාවනය කළ හැක්කේ මගී ප‍්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් රථ, කාර්යයාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණයි.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසන්නේ දෙවැනි මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ගමන් කිරීමට අවස්ථාව සළසා දී තිබෙන බවත්, පාසල් දරුවන්, රැකියා සඳහා ගමන් කරන පිරිස් කල්වේලා ඇතිව ගමනාන්තයන් වෙත පිටත් කර හැරීම මෙහි අරමුණ බවයි. එමෙන්ම වම්පස මංතීරුවේ සිට දකුණුපස මංතීරුවටත්, දකුණුපස සිට වම්පස මංතීරුවටත් ද්විත්ව ක්‍රමයට ගමන් නොකිරීම මෙහි තවත් අරමුණක් බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *