රුපියල් 60ක සහන මිලට පොල්

මෙරට වෙළඳපොළේ පොල් මිල ඉහළ යාම හේතුවෙන් ඊට පිළියමක් ලෙස කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින්ට රුපියල් 60 ක සහන මිලට පොල් මිලදී ගැනීම සඳහා අද (23) සිට අවස්ථාව සලසා දී තිබෙන බව පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධන ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටින්නේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවලට ලොරි රථ මගින් පොල් බෙදා හැරීම ඊයේ (22) දිනයේ සිට ආරම්භ කර ඇති බවත්, එමගින් අද සිට පාරිභෝගිකයින්ට සහන මිලට පොල් මිලදී ගැනීමට හැකියාව සැලසෙන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *