සමඟි ජන බලවේගයෙන් විස්සක් ආණ්ඩුවට එක්වෙනවා – මහින්දානන්ද

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුව සමඟ එක්වීමට කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

ඇමතිවරයා පවසා සිටින්නේ අගමැතිවරයාටත්, තමන්ටත්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් දිනපතා දුරකථන ඇමතුම් ලබා දෙමින් ඇමැතිකම්, මෝටර් රථ ඇතුළු වරප්‍රසාද නොමැති බව පවසමින් ඔවුන් සිය දුක් ගැනවිලි පවසන බවයි.

විස්සට විරෝධය පෑ අයගෙන් 17ක් අපේ පැත්තට පැමිණීමට සිටින බවත්, 20 සම්මත වන විටදි විපක්ෂයෙනුත් විස්සක් ආණ්ඩු පක්ෂයට ගන්නා බවත් ඇමැතිවරයා පවසා සිටියි.

විස්සක් ආණ්ඩු පක්ෂයට පැමිණ විසිවැනි සංශෝධනය ඡන්ද 170 කින් ජයගත් දාට විපක්ෂ නායකවරයාට ඒ බව දැනෙනු ඇති බවත්, පෞද්ගලිකව එක් එක් කෙනාට වෛර නොකර රට වෙනුවෙන් සිතා විස්ස සම්මත කර ගනිමු යැයි ද ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *