මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

ඉකුත් ජනාධිපතිවරණයේදී පුත්තලමේ පදිංචි පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමට මන්නාරමට රැගෙන යාමට බස් රථ 225 කට සතොසෙන් මුදල් ගෙවීමට එවකට කර්මාන්ත සහ වෙළද ඇමතිවරයාව සිටි රිෂාඩ් බදියුදීන් මහතාට නීති විරෝධි ආකාරයට අවසරය ලබාදුන්නේ යැයි කියන සිදුවීමක් සම්බන්දයෙන් ප්‍රශ්න කිරීමට මංගල සමරවීර මහතා අද (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇතැයි වාර්තා වේ.

බස් රථ 225 ට රුපියල් කෝටියකට ආසන්න මුදලක් එවකට රජය විසින් ගෙවා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රිෂාඩ් බදියුදීන් මහතාගෙන් මේ ගැන ප්‍රශ්න කිරීමේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව එම මුදල් ගෙවීම් කළ බවය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මැතිවරණ නීතියට අනුව එසේ ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීම තහනම් බවය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතාගෙන් ප්‍රශ්න කෙරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *