Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ඡන්දයට අහවල් දිනය දෙන්නැයි කිසිවෙකුගෙන් බලපෑමක් ආවේ නෑ – මහින්ද දේශප්‍රිය

ඡන්දයට අහවල් දිනය දෙන්නැයි කිසිවෙකුගෙන් බලපෑමක් ආවේ නෑ – මහින්ද දේශප්‍රිය

මැතිවරණය සදාකාලිකව කල් දැමිය නොහැකි බවත් නිලධාරීන් එසේ බලාපොරොත්තු වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතු බවටත් තරයේ විශ්වාස කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය ඡන්ද විමසීම ලෙස සැලකිය හැකි නමුත් මේ මෙහොතේ මැතිවරණය පවත්වා ජනතාවගේ ජීවිතය ආපදාවට ලක් කිරීමට නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඡන්දය තියන්න කීම මෙන්ම කල් දාන්න කීම ද බලපෑමක් බව කී ඒ මහතා දිනයක් දිය යුතු යැයි පෙන්වා දීම හැර අසවල් දිනය දිය යුතු බවට කිසිවෙකුගේ බලපෑමක් සිදු නොවූ බවත්, ඒ බව අගමැතිවරයාගේ ලිපියේ අවසන් වැකියෙන් පැහැදිලි වන බවත් පෙන්වා දුන් කොමසාරිස්වරයා, සමාජ දුරස්තභාවය තබා ගෙන මැතිවරණය පැවැත්වීමට අදාළ ව තීරණ ගන්නා බවත් පුරවැසියාගේ ජීවිත අවදානමේ දැමිය නොහැකි බවත් කීවේය.

මැතිවරණයේ විශ්වසනීයභාවය තබා ගැනීම මෙහිදී වැදගත් ම කාරණය බවත් හෙතෙම අවධාරණය කළේය.

මැතිවරණය සම්බන්ධයෙන් තීරණ ගත්තේ අපේ කොමිසන් සභාවේ සියලුම දෙනා සහ රටේ වගකිව යුතු අංශ සාමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත් ඒ සියලු දෙනා ඡන්දය තියනවට කැමැති නමුත් විහිළුවක් නොවන විදියට පැහැදිලි දිනයක් අවශ්‍ය බව සියළුම දෙනාගේ මතය බවත් හෙතෙම පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *