බේරුවලට ඔබ්බෙන් වූ මුහුදේ කාන්තා මළ සිරුරක් සොයා ගැනේ.

මීට දින දෙකකට පෙර අතුරුදන් වූ 25 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් බේරුවලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

බේරුවල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆවුමින් ෂානාම් භානු නමැති මෙම කාන්තාව අතුරුදන්ව ඇති බවට බේරුවල පොලිසියට බදාදා පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව ඊයේ පෙරවරුවේ බේරුවල ධීවර තොටුපළෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවරයින් පිරිසකට වෙරළේ සිට සැතපුම් දෙකක් ඔබ්බෙන් වූ මුහුදේ තිබී කාන්තා මළ සිරුර හමුවී ඇත.

බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *