බුදුරුවගල වැවේ ස්ථානයක කසිප්පු නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය සැකකරුවෙක් වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු බුදුරුවගල ප්රදේශයේම පදිංචි 38 හැවිරිදි අයෙක්.
බුදුරුවගල වැවේ ස්ථානයක දීර්ඝ කාලයක සිට මෙම මහා පරිමාණයේ කසිප්පු ජාවාරම රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලීසිය වාර්තා කරන්නේ. එහිදී කසිප්පු පෙරීමට ගන්නා උපකරණ, බැරල් සහ ගෝඩා තොගයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.