බියගම වල්ගම ඇටබේවත්ත ප්‍රදේශයේදී ව්‍යාජ රන් භාණ්ඩ නිෂ්පාදනාගාරයක් වැටලීමට බියගම පොලීසිය සමත් වී ඇත.
වැටලීම සිදුකර තිබුණේ ඊයේ උදෑසන 11.00ට පමණය. රන් ආලේපිත මාල 13ක්, රන් ආලේපිත අත් පළඳනා 4ක්, රන් ආලේපිත මුදු 21ක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් එහිදී පොලිස් භාරයටගෙන ඇත. නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවටගෙන ඇති අතර, අත්අඩංගුවටගෙන ඇති සැකකරුවන් 48 සහ 53 වයස්වල පසුවන මල්වාන සහ අනුරාධපුරය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.