Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

බිග් මැච් හා රථවාහන පෙළපාලි සදහා උපදෙස් මාලාවක්

බිග් මැච් හා රථවාහන පෙළපාලි සදහා උපදෙස් මාලාවක්

“බිග් මැච්” හෙවත් අන්තර්පාසල් ක්‍රිකට් තරගාවලි හා රථවාහන පෙලපාලිවලදී පාසල්වල කීර්තිනාමයට කැළලක් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

එම තරගාවලි පවත්වන සියලු ජාතික පාසල්වල විදුහල්පතිවරුන්, ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සහ ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති හමුවකදී අධ්‍යාපනඅමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව බාලිකා පාසල්වල දැරියන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීම, තම පාසලේ අනන්‍යතාවට, කීර්තිනාමයට නිගරු වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, ඉතා අපරීක්ෂාකාරී අයුරින් රථ වාහනවල නැඟ ගමන් කිරීම යනාදී ක්‍රියාවන්ගෙන්වැලකී සිටිය යුතු බවට එහිදී උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි වැනි හානිකර ඇබ්බැහිවීම්වලට යොමුවීම, මහමඟ ගමන් කරන පුද්ගලයින්ට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කිරීම වැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිසුන් වෙත උපදෙස් ලබාදුන් බව එම අමාත්‍යාංශය පැවසුවේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *