බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී ඇතුළු පිරිසට වරෙන්තු

බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය රවී කරුණානායක මහතා ඇතුළු 9 දෙනෙක් වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා මීට ටික වෙලාවකට පෙර වරෙන්තු නිකුත් කරනු ලැබුවා. ඒ යහපාලන රජය සමයේ සිදුවූ ආන්දෝලනාත්මක බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන්.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රි රවි කරුණානායක, අර්ජුන මහේන්ද්රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, රංජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්රන්, ගාර්දියේ පුංචිහේවා, එස්. පදුමනාපන් සහ ඉන්දික සමන් කුමාර යන අයට එරෙහිව කොටුව මහේස්ත්රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ චෝදනා වලට ලක්ව සිටි 10 වන සැකකරු වන ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරි බුද්ධික සරච්චන්ද්රට එරෙහිව මෙහිදී අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවේ නැහැ.ඒ ඔහුට එරෙහිව නඩුව පවත්වාගෙන යාමට තරම් අවශ්ය සාක්ෂි නොමැතිවීම හේතුවෙන්.
