“වස විස සහිත ආහාර” මේ වචන හා සම්බන්ධ නොවූ ආහාරයක් අද වෙළෙදපොලේ සොයා ගැනීමට නොහැකි තරම්. විෂ රසායනික ද්‍රව්‍ය බොහෝ විට යොදාගනු ලබන්නේ වගාවට හානිකරන සතුන්ගෙන් එය ආරක්ෂා කරගැනීමටත්, ඵලදාව වර්ධනයටත්, එසේත් නැත්නම් කල්තබා ගැනීමටත්ය. මේ කාරණා වලට අමතරව වස විසෙන් තොර වගාකර නෙලාගත් ඵලදාවන්ටත් අවසාන මොහොතේ වස විස යෙදීම අවාසනාවන්ත තත්වයකි. පළතුරු ආශ්‍රිතව මෙම ඛේදනීය තත්වය බොහෝදුරට බලපා ඇත. විශේෂයෙන් කෙසෙල්, ගස්ලබු හා අඹ මේ තත්තවයට ගොදුරු වී ඇති, අපි සුලභව පරිභෝජනය කරනා පළතුරු වර්ග කිහිපයකි.
කිසිදු වස විසකින් තොරව මෙම ඵලදාවන් ගසෙන් නෙලාගනු ලැබුවත් ඵලදාව නෙලූ අවස්ථාවේ සිට පාරිභෝගිකයා අතට පත්වීමේ කෙටි කාලසීමාව අතරතුරදී කාබයිට් වැනි රසායනික ද්‍රව්‍ය යොදා මෙම පළතුරු කෘතිම ඉදවීමකට බොහෝ දුරට ලක් කෙරේ. සුලුතරයක් වූ සාධාරණ වෙළෙන්දන් හැර මුදල් සෙවීම පමණක් ජීවිතය ලෙස සලකන බහුතරයක් වෙළෙන්දන් හා අතරමැදි කරුවන් මෙම ක්‍රමෝපාය බහුලව භාවිතා කරති. ක්ෂණික පරිභෝජන රටාවකට හුරුවී සිටින පාරිභෝගිකයින්ද වෙළෙදසැලකින් ඉල්ලනු ලබන්නේ “ඉදුණු පළතුරු” යි. එබැවින් වෙළෙන්දන්ද එම ඉල්ලුමට සැපයුමක් ලෙස ක්ෂණික ඉදවීමට ලක් කෙරූ පළතුරු සැපයීම සිදු කරයි.
බොහෝ විට පළතුරු ඉදවීමට භාවිතා කරන්නේ යැයි සැලකෙන කාබයිට් සුදු පැහැති කුඩු විශේෂයකි. වෑල්ඩින් කටයුතු සදහාත් මෙය යොදා ගනු ලබනවා. කාබයිට් මගින් සයනයිඩ් සංයෝගය නිපදවෙනවා. මෙම සංයෝග ශරීරගත වීමෙන් ශරීරයට ඔක්සිජන් උරාගන්නා ප්‍රමාණයට බාධා සිදුවේ. එමගින් ශරීරය දුර්වල වීම, ස්නායු ආබාධ ඇතිවීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම, ගබ්සා වීම, අක්මාවේ හා වකුගඩු වලට හානි සිදුවීම ආදී රෝගාබාධ ඇතිවීමේ දැඩි අවධානමක් තිබෙනවා. එම නිසා කාබයිට් යොදා ඉදවන ලද පළතුරු පරිභෝජයෙන් අප ඈත් විය යුතුය. එබැවින් පරිභෝජනය කරන දිනයට ඉදෙන මට්ටමේ ඇති නොඉදුණු පළතුරු, අවශ්‍ය දිනයට දින දෙක තුනකට හෝ පෙර මිලදී ගන්න. ඔබගේ හදිසි අවශ්‍යතාවයද ඔවුන්ගේ කෘතිම පළතුරු ඉදවීම සිදු කිරීමට එක් හේතුවකි. එසේත් නොහැකිනම් හදිසි අවශ්‍යතාවයකදී කාබයිට් වැනි රසායනික ද්‍රව්‍ය නොයෙදූ පළතුරු හදුනා ගැනීමට පහත කරුණු පිළිඹද විමසිලිමත් වන්න.
කෘතිමව ඉදවූ අඹ
අඹ ගෙඩියේ තැනින් තැන කහ පාට ගැන්වී ඉතිරිය කොළ පාට වී තිබේ. ඊට හේතුව කාබයිට් වතුරේ ගිල්වූ විට වතුර ගෑවුණු කොටස් කහපාට වන බැවිනි . නැට්ට කොටස පිරුණු ස්වභාවයක් නොමැති බවත් මුළු අඹය පුරාම කහ පැහැති තනි ඒකාකාර වර්ණයකින් සමන්විත වීමත් බලෙන් ඉදවූ අඹ ගෙඩියක ඇති ලක්ෂණය. අඹ ගෙඩියක් ස්වභාවිකව ඉදෙන්නේ ඉහල සිට පහළටයි. මීට අමතරව හොඳ සුවඳක්ද නිකුත් වේ.
කෘතිමව ඉදවූ කෙසෙල්
කෙසෙල් කැනක ගෙඩි එකම ආකාරයට ඉදීමක් සිදු නොවේ. එය සිදුවන්නේ අතරින් පතරයි. එබැවින් කෙසෙල්කැන එකාකාර වර්ණයකින් යුතු නම් එය කෘතිමව ඉදවා ඇත .කෙසෙල් කැනක ඉදීම ඇරඹෙන්නේ එහි ඉහළ සිට පහළටයි. ස්වාභාවිකව ඉදුණු කෙසෙල් පිරුණු පෘෂ්ඨිමත් පෙනුමෙන් යුක්ත වේ.
කෘතිමව ඉදවූ පැපොල්
මුළු ගෙඩියම ඒකාකාර වර්ණයකින් යුක්තනම් එය කෘතිමව ඉදවන ලද පැපොල් ගෙඩියක්. පැපොල් ගෙඩිය ඉදෙන්නේ පහළ සිට ඉහළටයි. කහ රෝස පැහැය මෙන්ම රන්වන් පැහැය ක්‍රම ක්‍රමයෙන් පැපොල් ගෙඩියේ මුදුනට පැතිරෙනවා. එමෙන්ම ස්වභාවිකව ඉදුණු පැපොල් ගෙඩි මෘදු ස්වභාවයකින් මෙන්ම සුවඳකින්ද යුක්ත වෙනවා.
කෘතිමව ඉදවූ අලිපේර
හොඳින් පැසුණු අලි පේර ගෙඩියක් සෙලවිමේදී ඈතුලේ ඇටය සෙලවෙනවා ඇසෙනවා. නැට්ට අසල පිරුණු ස්වභාවයක් නැත්නම්, ඉදුණු සුවඳක් නිකුත් වෙන්නේ නැත්නම් එය කෘතිමව ඉදවූ අලිපේර ගෙඩියක්.
කෙසේ වෙතත් ඔබ මිලදීගත් මේ පළතුරු පිළිඹද සැක සහිත බවක් පවතීනම් ගලායන ජලයෙන් හෝ මද රස්නය සහිත වතුරෙන් සේදීම වඩාත් නුවණට හුරුය. මේ හැරුණුකොට කාබයිට් යොදා ඉදවීමේ අවදානම නැති පළතුරු වර්ග දෙකක් ලෙසට පොත්ත ඝණකම සහිතව ඇති පළතුරු වර්ග දෙකක් වන දූරියන් සහ අන්නාසි සදහන් කළ හැකියි. මිනිස් ජීවිත අකාලයේ විනාශ කරන මෙම කාබයිට් මාෆියාවට එරෙහිව කටයුතු සම්පාදනය කිරීම බලධාරීන්ගේ වගකීමයි. රජය විසින් අනුමත කර ඇත්තේ එතෆෝන් (Ethephon) භාවිත කර එතිලීන් වායුව නිපදවා ධූමකරණය කිරීමෙන් පලතුරු ඉදවීමට පමණි. එබැවින් පිටිසර ගමෙන් ලොරියට පටවාගන්නා අමු පළතුරු නගරයට පැමිණිමට පෙර ඉදෙන්නේ, වර්ණගැන්වෙන්නේ කාබයිට් වල හාස්කමින්දැයි පරීක්ෂා කිරීමට අදාළ බලධාරීන්ගේ හා නිළධාරීන්ගේ අවධානය යොමුවිය යුතුමය. එසේ නොවුණහොත් මිනිසුන්ගේ ආයුකාළය තව තවත් කෙටි වීම සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇත. එබැවින් ඔබගේ ගවෙත්තේ ඇති පුංචි ඉඩකඩක කෙසෙල්, අඹ, ගස්ලබු පැළයක් සිටුවා ගැනීම ඔබගේම යහපත සලසා ගැනීමක් වන්නේය.
Thanks for sharing this cool internet site.|
}
Thanks a ton! This is definitely an wonderful online site.|
Thanks for furnishing like fantastic information.
I like this site – its so usefull and helpfull.|
Keep up the helpful job and producing in the group!|
You’re a really practical web site; could not make it without ya!|
Many thanks for sharing your cool website.|
Appreciate it for sharing this very good site.|
Keep up the helpful work and generating the crowd!|
Keep up the good work and producing in the crowd!|
Simply just want to express Now i’m delighted I stumbled in your webpage.|
You’ve probably the greatest web sites.|
Great looking web site. Think you did a bunch of your very own html coding.|
Wow, attractive site. Thnx …|
}
Many thanks very valuable. Will share website with my buddies.|