බදියුදීන් නැවතත් බන්ධනාගාරයට.

Share this Article

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නැවතත් බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

නොවැම්බර් 13 දක්වා ඔහුව මෙලෙස නැවත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

2019 වසර තුලදී සිදුවූ රජයේ මුදල් වංචා පිළිබද චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව දෙහිවලදී  අත්අඩංගුවට ගනු ලැබු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.


Share this Article

Leave a Reply

Your email address will not be published.