එක්දින තරග තුනකට සහභාගීවීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද(20) ශ්‍රී ලංකාවට පැමිණියේය.
බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය මශ්රෆී මොර්ටාසාට හිමිව තිබුණද ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා තරගාවලිය අහිමිවී තිබේ.
තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 22දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කෙරුණේ දිමුත් කරුණානායකගේ නායකත්වයෙනි.
බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර එක්දින තරග 3 ජූලි 26, 28 හා 31 යන දිනවල පැවැත්වීමට නියමිතය.
(Image- bookmyshow)