හිස්බුල්ලාගේ සමාගමට සෞදි තහනම් සංවිධානයකින් සල්ලි පොම්ප කරලා

මඩකලපුව පූනානි ප්‍රදේශයේ ඉදිකැරෙන නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාට අයත් බව කියන බැටික්ලෝ කැම්පස් පෞද්ගලික සමාගම නමැති ශරියා විශ්වවිද්‍යාලය සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් අමෙරිකා ඩොලර් මිලියන 100කට අධික මුදලක් මෙරට රාජ්‍ය බැංකුවකට බැර කර ඇතැයි වාර්තා වේ.

එම සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී  ඇත.

අත 10 /18. ලේක්ඩ්‍රයිව්, කොළඹ 08 ලිපිනයේ පවත්වාගෙන  යන ශ්‍රී ලංකා හීරා පදනම සහ බැටිකලෝ කැම්පස් කොලේජ්  පුද්ගලික සමාගම සහ බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම සඳහා සෞදි රාජ්‍යයේ තහනම් සංවිධානයක් විසින් ලබා දී ඇති  මෙම මුදල්වල නීත්‍යනුකූලභාවය හා එම මුදල් එම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා යොදා ගත්තාද නොඑසේනම් ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා යොදවා ගත්තේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇත.

මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා ලබාදී ඇති ඉඩම ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියට අයත් බවත් එම ඉඩම ලබාදී ඇත්තේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා හිරා ෆඩුන්ඩේෂන් නමැති සංවිධානයකට බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

අදාළ සමාගම නමින් කොල්ලුපිටිය රාජ්‍ය බැංකුවක් වෙත 2016 මාර්තු 3වැනිදා සිට 2018 ජනවාරි 8 දචක්වා කාලයේ රුපියල් කෝටි 364කට අධික මුදලක් සෞදියෙන් ලැබී ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට වාර්තා කර ඇත.

(විශේෂ අධිකරණ වාර්තාකරු/ Image – opindia.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *