Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පොඩි ලැසී ජීවිත ආරක්ෂාව ඉල්ලයි

පොඩි ලැසී ජීවිත ආරක්ෂාව ඉල්ලයි

රඳවාගෙන සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායකයකු බව කියන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී‘ විසින් සිය නීතිඥවරිය මාර්ගයෙන් ගොනු කළ පෙත්සමක් විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කළා.

ඒ අනුව පෙත්සම නැවත නොවැම්බර් මස 10 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කර සිටියා.

‘පොඩි ලැසී‘ තම නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ අපරාධ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තමන්ව මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බවයි.

බන්ධනාගාරය තුළදී තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල ව ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීමට බන්ධනාගාර බලධාරීන් බැඳී සිටින බව ද කියාසිටිනවා.

ඒ අනුව බන්ධනාගාරගතව සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් කරන ලෙස ඔහු මෙම පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *