යාපනය,පේදුරුතුඩුව,අල්වායි ප්‍රදේශයේදී අද දහවල් දෙපිරිසක් අතර වු ගැටුමකින් අයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. තවත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පේදුරුතුඩුව පොලිසිය පවසයි. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති අතර, එහිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් පේදුරුතුඩුව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, තුවාලකරුවන්ද පේදුරුතුඩුව රෝහලට යොමුකොට ඇති බවද පොලිසිය ප්‍රකශ කර සිටී. පේදුරුතුඩුව,අල්වායි ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු පියෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියි.