වවුනියාව ,පූවරසන්කුලම ප්රදේශයේ ගෙවත්තක තිබි අත්බෝම්බ පිරවු කළයක් ඊයේ සවස සොයාගත් බව පූවරසන්කුලම පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ වගාවන් වෙනුවෙන් ඉඩමක් සකස් කිරීමේදී අදාළ කළය හමුව ඇති අතර ඒ තුළ අත්බෝම්බ තිබි ඇති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් ගෙහිමියා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය ගොස් අත්බෝම්බ පිරවු කළය ගොඩගෙන තිබුණි.
වවුනියාව මහේස්ත්රාත් අධිකරණ නියෝග යටතේ අදාළ අත්බෝම්බ නිශ්ක්රීය කිරීමට නියමිත අතර කළය තුළ පැරණි තත්වයේ පවතින අත්බෝම්බ 20 කට ආසන්න ප්රමාණයක් පවතින බවද පොලිසිය ප්රකාශ කළේය.
යුධ සමයේ එල්ටිටිඊ සංවිධානය අදාළ අත්බෝම්බ නැවත ප්රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා යන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පලකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.