Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පුවක් ගෙඩියක මිල රුපියල් 20ත් 25 අතරට

පුවක් ගෙඩියක මිල රුපියල් 20ත් 25 අතරට

පුවක් ගෙඩියක් රුපියල් 20-25 ත් අතර දක්වා මිල ඉහළ ගොස් ඇතැයි වෙළෙන්දෝ පවසති. ජුලි මස පළමු සතිය වන විට පුවක් ගෙඩියක මිල රුපියල් 8ත් 10 අතර තිබු අතර,ජුලි අවසන් සතිය වන විට පුවක් ගෙඩියක මිල රුපියල් 20 ත් 25 දක්වා මිල ඉහළ ගොස් ඇති බවද වෙළෙන්දන් පවසති.

මේ අතර හබරාදුව නගරයේ වෙළෙදසැලවල පුවක් ගෙඩියක මිල රුපියල් 20ත් 23 අතර, අළෙවී වන බව ද අප කළ සොයා බැලීමේ අනාවරණය විය.

එම වෙළෙදුන් සදහන් කලේ මේ දිනවල වෙළෙදපොලට ලැබේන පුවක් අස්වැන්න අඩු බවයි.එමෙන්ම බද්දේගම,අක්මීමණ,ගාල්ල ප්‍ර දේශවලද මේ දිනවල පුවක් ගෙඩියක් අළෙවි වෙන්නේ රුපියල් 20ක් ඉහළ මිලකට බවද වෙළෙදුන් සදහන් කරති.

වෙළෙදපොලට ලැබෙන පුවක් අස්වැන්න අඩුවීම හේතුවෙන් ඉදිරි මාසය වන විට පුවක් මිල තව දුරටත් ඉහළ යා හැකි බවද වෙළෙදුන් සදහන් කරති.රුපියල් 50 ත් 60 ත් අතර, මිලකට අළෙවී වු බුලත්විඩ මිල ද,රුපියල් 10-20 අතර මුදලකින් මිල ඉහළ දමා තිබේ.ඒ අනුව බුලත්විඩ අළෙවිවන්නේ රුපියල් 70ත් 80 අතර මිල ගණන්වලට බවද වෙළෙදුන් සදහන් කරති.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *