Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය දිනති

ශ්‍රී ලංකා කණ්ඩායම  ආසියානු කුසලානය දිනති

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ ප්‍රභල ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පහසුවෙන් පරාජය කරමිනි.

මෙවර පැවැත්වූයේ 9 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය වන අතර ඉන් අවස්ථා පහකදීම ශ්‍රී ලංකාව අනුශුරයන් බවට  පත්ව තිබුණි.

අවස්ථා 7කදීම ශූරතාව හිමිකරගෙන තිබුණේ ඉන්දියාවයි. එක් අවස්ථාවකදී බංග්ලාදේශය ශූරතාව හිමිකර තිබුණි.

මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු කඩුලු 6ට ලකුණු 165ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළම ඉලක්කයක් ලබාදුන්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 7ක් තුළ දැවී ගියත් නායක චමරි අතපත්තු (61 (පන්දු 43)) හා හර්ෂිතා සමරවික්‍රම (69* (පන්දු 51)) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවක් පවත්වමින් තරගය ශ්‍රී ලංකාව දෙසට රැගෙන ආවේය.

මුළු ලකුණු සංඛ්‍යාව 94දී චමරි දැවී ගිය අතර ඉන් අනතුරුව වගකිම කරට ගත් හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමකෙන ඉනිමක් ක්‍රීඩා කරමින් නවක ක්‍රීඩිකා කවීෂා දිල්හාරි (30* (පන්දු 16) සමග එක්ව නොබිඳුනු ලකුණු 73ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් කුසලානයක් දිනා දුන්නාය

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *