නොරොච්චෝලය සහ රත්ගම යන ප්‍රදේශවල දී පුද්ගල ඝාතන 2ක් සිදු වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
නොරොච්චෝලය, ආලංකුඩාව ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇති අතර, මෙලෙසම මියගොස් ඇත්තේ 43 හැවිරිදි කාන්තාවක් වේ. ඝාතනයට හේතුව පවුල් ආරවුලක් බව පොලීසිය පවසයි. ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම රත්ගම, සිරිකදුරවත්ත ප්‍රදේශයේ දී ද තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකි. දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. ඝාතකයා හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.