පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

සම්බුද්ධ ශාසනයේත්, බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු පොහොය දිනයක් ලෙසට සැලකෙන නවම් පුන් පොහොය දිනය අදට (08) යෙදී තිබෙනවා.

අද වැනි නවම් පොහොය දිනක සිදුවූ වැදගත් සිද්ධීන් මෙසේයි,

  • බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලා වෙනුවෙන් ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.
  • සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුර පිරින නැමීම.
  • බුදුරජාණන් වහන්සේ භික්ෂු සමූහයා එක්රැස් කොට පළමු වරට සංඝ සම්මේලනයක් පැවැත්වීම.
  • බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම.

වැනි සිද්ධීන් රැසක් නවම් පොහොය දිනයේ සිදුවූ වැදගත් ඓතිහාසික සිද්ධීන් ලෙසට දැක්විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *