රිය අනතුරුවලින් ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා පැවසුවෙ පසුගිය 14 වනදා රියඅනතුරු හේතුවෙන් මරණ 14ක් වාර්තා වු බවත් 15වනදා මරණ 16ක් වාර්තා වු බවයි.
රෝහණ මහතා අවධාරණය කළේ, අවනීත රියදුන්ගේ රිය පැදවීම් හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවත් මාර්ග නීති උල්ලංගනය කරණ අය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුකරන බවයි. මේ අතර අධිවේගී මාර්ගවලද විශේෂ මෙහෙයුම් දියත් කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.