2019 වසරේ මිලේච්ඡ ත්‍රස්තවාදීන් පිරිසක් එල්ල කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර දෙකක් සපිරේ.
ඉන් මියගිය අය සිහි කර කිතුනු දේවස්ථානවල අද (21) විශේෂ ආගමික සහ සැමරුම් උත්සව පැවැත්වීමට කතෝලික සභාව කටයුතු සූදානම් කර තිබේ.
2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 ක් ජීවිතක්ෂයට පත්විය.
ඒ අනුව ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර අද උදෑසන 8.45ට දේවස්ථානවල සීනූ නාද කෙරෙන අතර ඉන් පසු මිනිත්තු 2ක නිෂ්ශබ්දතාවයක් පැවැත්වෙනු ඇත.
පාස්කු ප්‍රහාරයේ ඉලක්ක බවට පත්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි යන දේවස්ථානවලදීත් අද විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක්ම පැවැත්වීමට නියමිතය.
කතෝලික සභාව පවසන්නේ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ප්‍රකාශයක්ද මෙරට සිටින වතිකානු තානාපති රදගුරුතුමා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවය.
එම සැමරුම් උත්සව පැවැත්වෙන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට මාර්ගවල ඊයේ පස්වරු 4 සිට අද මධ්‍යහ්න 12 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ
පොලිසිය පවසන්නේ සෙසු දේවස්ථානවලටද විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බවය.