පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද කඩු 1000කට අධික, බෝම්බ කොටස්, හෙල්ල සහ ඒ හා සමාන අවි විශාල ප්‍රමාණයක් අධිකරණ නියෝගයකට අනුව ඊයේ (20) ගැඹුරු මුහුදේ ගිල්වා ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘සුරනිමල’ නෞකාවේ සිටි අධිකරණ නිලධාරීන් පිරිසක් නාවික හමුදා සාමාජිකයින් සමඟ රංගල නාවික හමුදා කඳවුරෙන් පිටත්ව නාවික සැතපුම් 1000 ක් දුරින් සහ අඩි 1000 ක් ගැඹුරට මුහුදට ආයුධ තොගය බැහැර කළහ.
ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නියෝගයෙන් අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ, අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා සහ නඩු භාර අධිකරණ කාර්ය මණ්ඩලය පැමිණ මෙම අවි තොගය බැහැර කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව කඩු 1000ක්, කිනිසි, උල් ආයුධ, බෝම්බ කොටස්, තුවක්කු 08ක් සහ ගල්කටස් වර්ගයේ ගිනි අවි 10ක් නිෂ්ක්‍රීය කෙරිණි.