පාර්ලිමේන්තුව මග හරින ඇමැතිවරුන්ට මෝදිගෙන් තරවටුවක්

පාර්ලිමේන්තු කටයුතු මග හරින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වාර්තාවක් ඉල්ලා ඇතැයි ඉන්දීය එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කරයි.

අද පැවැති අමාත්‍ය මණ්ඩල හමුවකදී ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සෑම පාර්ලිමේන්තු සැසියක් අවසානයේම එදින පාර්ලිමේන්තු නොපැමිණි ඇමැතිවරුන්ගේ නාම ලේඛනයක් තමා‍ වෙත ලැබීමට සලස්වන ලෙසයි.

සතියකට වරක් පැවැත්වෙන භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෝදි මහතා මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඉන්දීය අගමැතිවරයා සිය ඇමැතිවරුන් ‘‘දේශපාලන විෂයෙන් එහා වැඩ කළ යුතුය“ යන අදහසින් කටයුතු කළ යුතු බව පෙන්වා දී ඇත.

(එන්ඩීටීවී පුවත් සේවය ඇසුරිණි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *