රුහුණු සරසවියේ පීඨ කිහිපයක් හෙට සිට යළි විවෘතවේ

අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සමග සිසුන් ඇතිකරගත් ගැටුම් හේතුවෙන් වසා දමා තිබූ රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් හෙට(17) යළි ආරම්භ කෙරෙන බව රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.

ඒ අනුව රුහුණු විශ්විද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ විද්‍යා, සාගර විද‍්‍යාව සහ තාක්ෂණය හා පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ හෙට සිට යළි විවෘත කිරීමට නියමිතය.

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පසුගිය ජූලි 10 වැනිදා සිට දින නියමයක් නොමැතිව වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරීය තීරණය කර තිබිණි.

(Image – adaderana.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *