ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් පහත දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඊයේ (25) කොළඹදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා කියා සිටියේ රජය විසින් පසුගියදා ලබාදුන් බදු සහනයේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි. එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල සියයට අටකින් පමණ පහල දමන ලෙස බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.
2020-02-26