Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කෙරේ

ප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කෙරේ

බැංකු ගිණුම් විවෘත කිරීම, ඉඩම් සහ වාහන ලියාපදිංචි කිරීම, ව්‍යාපාර ලියාපදිංචිය මෙන්ම ණයපත් (Credit Cards) ලබාගැනීම ඇතුළු ප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා වලංගු ‘බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක’ (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නිවේදනය කරයි.

2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යටතේ හඳුන්වා දී ඇති මෙම නව නීතිමය අවශ්‍යතාව, දේශීය ආදායම් පනතේ 102(3) වගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති ගනුදෙනු සඳහා සෘජුවම බලපැවැත්වේ.

TIN සහතිකය අනිවාර්ය වන ප්‍රධාන ගනුදෙනු:
ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් සේවාවන් ලබාගැනීමේදී වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ:

  • බැංකු හෝ මූල්‍ය ආයතනවල නව ගිණුම් විවෘත කිරීම
  • ගොඩනැගිලි සැලසුම් අනුමත කරගැනීම
  • මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම
  • වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම
  • ඉඩම් හෝ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම
  • නව ව්‍යාපාර ලියාපදිංචි කිරීම

ශ්‍රී ලංකාවේ සමාගම්වල කොටස් පැවරීම (මෙහිදී ගැනුම්කරු සහ විකුණුම්කරු යන දෙපාර්ශ්වයම සිය TIN තොරතුරු සැපයිය යුතුය)

ණයපත් (Credit Cards) ලබාගැනීම

අදාළ ගනුදෙනු සිදුකිරීමට හෝ සම්පූර්ණ කිරීමට පෙර, නියමිත TIN ලියකියවිලි ඉදිරිපත් කර ඇත්දැයි නිසි පරිදි තහවුරු කරගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අදාළ සියලුම නිලධාරීන්ට සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත දැඩි උපදෙස් ලබා දී තිබේ.

සහතිකය ලබාගන්නේ සහ තහවුරු කරන්නේ කෙසේද?
මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල මාර්ගගත ‘e-Services’ පද්ධතිය ඔස්සේ කල්වේලා ඇතිව ඊට ලියාපදිංචි වන ලෙස උපදෙස් දෙනු ලැබේ.

එමෙන්ම, දැනටමත් ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ට තම TIN අංකය අදාළ e-Services ද්වාරය හරහා සත්‍යාපනය (Verify) කරගත හැකි අතර, ජාතික හැඳුනුම්පත් (NIC) අංකය සහ TIN අංකය දිස්වන එම සත්‍යාපන පිටුවේ මුද්‍රිත පිටපතක් (Printout) නිල සහතිකයට විකල්පයක් ලෙස ඉදිරිපත් කිරීමට පිළිගන්නා බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2023 දෙසැම්බර් 31 වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුම මෙරට නේවාසික පුද්ගලයින්ට මෙන්ම, 2024 ජනවාරි 01 වැනි දිනෙන් පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සහ සම්පූර්ණ වන සියලුම පුරවැසියන්ට වයස අවුරුදු 18 සපිරුණු වහාම TIN අංකයක් ලබාගැනීම අනිවාර්ය නීතිමය අවශ්‍යතාවක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යළිත් අවධාරණය කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *