අද පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවල එලෙස තද වැසි ඇති වන අතර එම පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී ද වැසි ඇති විය හැක.