LK reports news sinhala

පළමු නිල ප්‍රතිඵලය නිකුත් වෙයි – ගාල්ල තැපැල් ඡන්දයෙන් ගෝඨාට ජය

2019 ජනපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 16006කින් ජයග්‍රහණය කර ඇත.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 25,099කි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 9,093කි. ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද ගණන 2‍්450කි.

පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන විට අද(17) අලුයම 2 පමණ විය. තවත් ඡන්ද ප්‍රතිඵල බලාපොරොත්තුවන්න.

Leave a Reply

Your email address will not be published.