ඡන්දය ප්‍රකාශ කිරීම 80% : පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මැදියම් රැයේ

2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද(16) පස්වරු පහට අවසන් කෙරුණු අතර මෙවර බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශකිරීමේ ප්‍රතිශතය 80% ඉක්මවා තිබීම විශේෂත්වයක් විය.

ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරු 7.00ට ආරම්භ වූ අතර මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව 15,9 92,096 කි. දිවයින පුරා පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ඔවුන් සිය ඡන්දය භාවිත කළහ.

කොළඹ දිස්ත්‍රික්කය – 1,670,403

ඡන්දය භාවිත කළ ප්‍රතිශතය – 80%

ගම්පහ දිස්ත්‍රික්කය – 1,751,892

ඡන්දය භාවිත කළ ප්‍රතිශතය – 81%

කුරුණෑගල දිස්ත්‍රික්කය – 1,331,705

ඡන්දය භාවිත කළ ප්‍රතිශතය – 80%

මහනුවර දිස්ත්‍රික්කය – 1,111,860

ඡන්දය භාවිත කළ ප්‍රතිශතය – 80%

මාතර දිස්ත්‍රික්කය  –  6,52,417

ඡන්දය භාවිත කළ ප්‍රතිශතය – 80%

හම්බන්තොට දිස්ත්‍රික්කය – 4,85,786

ඡන්දය භාවිත කළ ප්‍රතිශතය – 80%

යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ යාපනය පරිපාලන දිස්ත්‍රික්කය – 4,75,176

ඡන්දය භාවිත කළ ප්‍රතිශතය – 66%

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සමස්ථයක් ලෙස සාමකාමීව තිබූ බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.

මේ වනවිට දිවයින් පුරා ඡන්ද මධ්‍යස්ථාන 43කදී ඡන්දය ගණන් කිරීමට නියමිත අතර තැපැල් ඡන්ද ගණනය කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. ඒ අනුව පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රිය වනවිට ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *