හම්බන්තොට තැපැල් ඡන්දයත් සජිත් පරදී

2019 ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වනවිට ලැබෙමින් පවතින අතර මෙවර වැඩිම අවධානයක් දිනාගත් දිස්ත්‍රික්කයක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය ලබාගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා හම්බන්තොට තැපැල් ඡන්ද 12,983ක් ලබාගනිද්දී ප්‍රතිවාදී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නේ ඡන්ද 3,947ක් පමණි. අනුර කුමාර දිසානායක මහතා එහි දී ඡන්ද 1,731ක් ලබාගැනීමට සමත්ව සිටී.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන කෙනකු වන සජිත් ප්‍රේමදාස මහතාගේ බල ප්‍රදේශය ලෙස හම්බන්තොට හැඳින්වෙන අතර ප්‍රතිවාදී අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම් ප්‍රදේශයද හම්බන්තොටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *