LPL ක්රිකට් තරගවලියේ ඊයේ (05) පැවැති පළමු තරගය ලකුණු 54 කින් ජය ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලබාදීමටය.
එහිදී ගෝල් ග්ලැඩියේටර්ස් වෙනුවෙන් නායක භානුක රාජපක්ෂ 56ක් රැස්කළ අතර සමිත් පටෙල් නොදැවී ලකුණු 42ක් රැස් කළේය.
පන්දු යැවිමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ජේඩන් සීල්ස් කඩුලු 3ක් දවා ගත් අතර වනිඳු හසරංග කඩුලු 2ක් දවාගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18 පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 110ක් පමණි.