පහරදීමක් සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි කොළඹ සරසවියේ සිසුන් 12 දෙනා අද (11) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සඳුදා (13) තෙක් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට නියම වී ඇති අතර සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේපෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියම කෙරිණි. පසුගිය (8) දින රාති‍්‍රයේ මෙම සිසුන් 12 දෙනා විසින් සිදු කළේ යැයි කියන පහරදීමෙන් කලා පීඨයේ තුන්වෙනි වසරේ සිසුන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
2020-01-11