“මිනිස් අත්වැරැද්දක්” නිසා යුක්රේන යානයට ප්‍රහාරයක් එල්ලවූ බව ඉරාන බලධාරීන් පවසයි.

සිය හමුදාවේ අතපසුවීමකින් එල්ල කරනු ලැබු ප්‍රහාරයක් නිසා යුක්‍රේන සමාගමට අයත් මගී ගුවන් යානය විනාශයට පත්වු බව ඉරානය සදහන් කර සිටිනවා. ප්‍රහාරය එල්ල වන විට යානයේ මගින් 176 දෙනෙක් ගමන් කරමින් සිට ඇත.

ඉරාන බලධාරින් නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ “මිනිස් අත්වැරද්දක්” හේතුවෙන් මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි. ගුවන් යානය අනතුරට ලක්වූයේ ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කිරිමෙන් පැය කිහිපයකට පසුවයි. මෙම ගුවන් අනතුර මිසයිල ප්‍රහාරයක් නිසා සිදුවුවක් බවට කැනඩාව හා අමෙරිකාව බුද්ධි තොරතුරු පදනම් කර ගනිමින් ප්‍රකාශ කර සිටියත් පසුගිය දින කිහිපයේම ඉරානය එම චෝදනාවන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *