පසුගිය දිනෙක ආහාර ගෙන ඒමට නිවසින් බැහැරව ගොස් මහමග මිය ගොස් සිටි පුද්ගලයාට අදාල සිද්ධිය පිළිබඳව වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයාද විමර්ශනයට ලක් කෙරේ

වැලිගම නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොලට ආසන්නව පුද්ගලයකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධව රාජකාරි පැහැර හැරිම යටතේ වැලිගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 17 දින වැලිගම බස් නැවතුම්පොළට ආසන්නව මිදිගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි  පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබුණි.

එහිදී අනාවරණය වි ඇත්තේ මෙම පුද්ගලයා ඇතුළු පවුලේ සැම නිරෝධාන වෙමින් සිට ඇති බවත්, මියගිය පුද්ගලයා ආහාර රැගෙන ඒම සඳහා එදින රාත්‍රියේ වැලිගම නගරයට පැමිණි බවත්‍ ය.

කෙසේ නමුත් එම මෘත ශරීරය තිබු ප්‍රදේශය අවට  සි.සි.ටි.වි කැමරා දර්ශන අනුව සිදුකළ විමර්ශන මත අනාවරණය වී ඇත්තේ  මෙම පුද්ගලයා මතින් පෞද්ගලික බස් රථයක් ද ධාවනය වී පලා ගොස් ඇති බවය.

මෙම මතෘ ශරිරය ආසන්නව මියගිය පුද්ගලයා පැමිණි යතුරු පැදිය ද හමුව තිබිණ.

තවදුරටත් සිදුකළ විමර්ශන මත අනාවරණය වි ඇත්තේ පුද්ගලයකු විසින් මියගිය පුද්ගලයාට පහරදීමක් ද සිදුකර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ආපනශාලාවක සේවය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයා මතින් ධාවනය වූ බස් රථය සහ එහි රියදුරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන්ද මීට අදාලව විමර්ශනයක් පැවැත්වෙන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *