කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවී තිබෙන තත්වය මත විදේශ රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම සුදුසු යැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. මැදපෙරදිග ඇතුළු ආසියානු හා යුරෝපීය රටවල් රැසකට කොරෝනා වයිරසය හේතුවෙන් බලපෑම් එල්ල වීම මෙයට හේතුව බව කාර්යාංශය කියයි.
ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත්තේ නිපුණත සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයන්ගේ සංගමය ද එක්වයි.