දිලිත්

පල් වැඩ නතර කරන්න – දිලිත් ජයවීර (VIDEO)

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලඥයෙකු විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යවසායකයෙකු වන දිලිත් ජයවීර අදහස් පළකර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් දිලිත් ජයවීර ප්‍රකාශ කර සිටියේ මෙම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වනු ලබන්නේ එක්තරා සමාගමක් බවත් එය හදිසි ටෙන්ඩරයක් බවත් සඳහන් කරමින් එක්තරා දේශපාලඥයෙක් පසුගියදා අදහස් පළකර සිටින වීඩියෝවක් පසුගිය දිනවල තමන් දුටු බවත් අලුතින් හැදිගෙන යන රට ඉදිරියට කරගෙන යෑමට එම දේශපාලඥයා ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලඥයින් විසින් සිදුකරගෙන යනු ලබන අශිෂ්ඨ අශිලාචාර බොරුවෙන් පිරුනු පල් වැඩ නතර කොට ව්‍යවසායකයා ව්‍යාපාරිකයා නගා සිටුවීම සඳහා වන පැහැදලි කතිකාවතකට එළඹීමට කාලය උදාවී ඇති බවය.

මෙම සිද්ධියට අදාළව තමන් සමග වාද කිරීමට එළඹීමෙන් පළක් නොවන බවත් එසේ සිදුවුවහොත් අදාළ දේශපාලඥයා ගේ ඇතුළුව විපක්ෂයේ බොහෝ අයෙකුගේ පෙර සහ වත්මන් භාවිතය ගැන තමන්ට කරුණු දැක්වීමට හැකිවන බවද මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *